බ්‍රිතාන්‍ය අගමැති එම ධුරයෙන් ඉවත්වීමට සූදානම්...

ජූලි 07, 2022

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බව, එරට මාධ්‍ය වාර්තා කරනවා.

    මේවන විටත් ඔහු සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි, වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේ මේ වසර තුළ උද්ධමනය 9.1%කින් ඉහළයාමත් සමග රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම නිසා අගමැති බොරිස් ජොන්සන් සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය ධුරය හෙබ වූ ලේකම්වරුන් 07 දෙනෙකු ද මේවන විට ඉල්ලා අස්වී ඇති අතර, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් තවත් දෙදෙනෙකු ද ඉවත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News