ලොවපුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වෛරසය...

ජූලි 07, 2022

    ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් 19 වෛරසය, අමෙරිකාවෙන් ලොවට පිට වූ එකක් නම්, ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ලෝකයට වන්දි ගෙවිය යුතු බව, රුසියානු පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කරනවා.

    රෝග සඳහා වන ලැන්සට් කොමිසම පසුගියදා සඳහන් කර සිටියේ, කොවිඩ් 19 රෝගයට මුල් වූ සාස් කාණ්ඩයට අයත් වෛරසය අමෙරිකානු පරීක්ෂණාගාර ව්‍යාපෘතියක ප්‍රතිඵලයකින් බිහි වී ඇති බවයි. එය තහවුරු වූයේ නම්, අමෙරිකාව, ඉන් බලපෑමට ලක් වූ සියලුදෙනාට අනිවාර්යෙන් අති විශාල වන්දියක් ගෙවිය යුතු බවයි, රුසියානු කථානායකවරයා සඳහන් කරන්නේ. ගෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන 557 කට වැඩි පිරිසක් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක් වුණා. ලක්ෂ 63 කට වැඩි පිරිසක් මිය ගියා.

    Latest News