කඩාවැටීමත් සමඟ;බෝයිං දැඩි අර්බුදයක

මාර් 11, 2019

    ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් ගුවන යානයක් ඊයේ කඩා වැටීමත් සමග බෝයිං සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.

    ඒ බෝයිං සමාගමේ නවතම ගුවන් යානා මාදිලිය දෝෂ සහිත බවට වාර්තා පළවීමයි. අනතුර පත් ඉතියෝපියානු ගුවන් යානය බෝයිං - 737 මැක්ස් - 8 වර්ගයට අයත්. එම වර්ගයේ නිෂ්පාදනය අවසන් කර ප්‍රථම වරට නිකුත් කරනු ලැබුවේ 207 වසරේදී. පසුගිය වසරේ ජුනි මාසයේ ඉතියෝපියානු ගුවන් සේවය මේ යානය මිලදී ගෙන තිබේ. මීට මාස 5කට පෙර ඉන්දුන්‍සියාවේ දී අනතුරට ලක්වූ ලයන්එයාර් ගුවන් සේවයට අයත් යානය ද මේ වර්ගයට අයත් වෙයි.

    නවීන මෙහෙයුම් පද්ධතියකි් යුත් බෝයිං - 737 මැකැස් - 8 යානාවල බරපතල දෝෂයක් පවතින බවට නියමුවන් චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, එකවීමට යානය නියමුවා පාලනය කළ නොහැකි පරිද්දෙන් පහතට හැරි ගමන් කිරීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 07:56

    Latest News