අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලොරි රථයක මළ සිරුරු 46ක්...

ජූනි 28, 2022

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ "සැන් ඇන්තෝනියෝ" නගරයට නුදුරින් ලොරි රථයක් තුළ තිබී පුද්ගලයින් 46 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

    ඔවුන් සංක්‍රමණිකයින් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් පුද්ගලයින් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. "නිව්යෝර්ක් ටයිම්ස්" පුවත්පතට අනුව "සැන් ඇන්තෝනියෝ" පොලිස් දෙපාර්තමේන්තුව් නිලධාරින් එම ස්ථානයේ සිට අතුරුදන්වූ ට්‍රක් රථයේ රියදුරු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝ නගරයේ සිට මෙක්සිකානු දේශසීමාව පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 250ක් පමණ දුරින්. මියගිය පුද්ගලයින් මෙක්සිකෝවේ සිට අමෙරිකාව දෙසට නීති විරෝධී ලෙස සංක්‍රමණයේ යෙදෙන පුද්ගලයින් පිරිසක් බවටයි, විදෙස් මාධ්‍ය සැක පළ කරන්නේ. මෙම පුද්ගලයින්ගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් මාධ්‍යයට හෙළිකර නැහැ. කෙසේ වෙත් මෙම සිදුවීම පිලිබඳව පුළුල් විමර්ශනයක් ටෙක්සාස් ප්‍රාන්ත පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

    Latest News