කියෙව් නුවරට යළිත් මිසයිල ප්‍රහාර

ජූනි 27, 2022

    යුක්‍රේනයේ කියෙව් අගනුවරට ආසන්න ප්‍රදේශවලට ඊයේ රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

    මාස දෙකකට පසුවයි අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රහාර එල්ල වී ඇත්තේ. යුක්‍රේන බලධාරීන් පවසන්නේ, මිසයිල 14ක් ඊයේ එල්ල වු බවයි. දෙදෙනෙකු මියගිය අතර, 6 දෙනෙකු තුවාල ලැබීය.

    ජී-7 කණ්ඩායමේ ර‍ටවල් මේ වන විට ජර්මනියේ රැස්ව සිටියි. රුසියා - යුක්‍රේන යුද්ධය ඔවුන්ගේ ප්‍රධාන මාතෘතාවක් වී තිබේ.

    යුක්‍රේනයට තවත් ආධාර සැපයීමට සහ රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට සාකච්ජා කෙරෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 27 ජූනි 2022 10:11

    Latest News