දකුණු අප්‍රිකාවේ සමාජ ශාලාවක සැකසහිත පුද්ගල මරණ 20ක්...

ජූනි 26, 2022

    දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී 20 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    මරණවලට හේතුව සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළඹීමට මෙතෙක් හැකිවී නැහැ. දකුණු අප්‍රිකානු පොලිසිය පවසන්නේ, සිද්ධියට අදාලව පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. ඇතැම් මරණවලට හේතුව තෙරපීමක් විය හැකි බවට, පොලිසිය සැක පළ කරනවා. මියගිය බොහෝ දෙනෙකු අවුරුදු 18ත්-20ත් අතර තරුණ පිරිස් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

    දකුණු අඅප්‍රිකානු පොලිසිය ප්‍රකාශ කරන්නේ, මෙම මරණ අතිශය සැක සහිත බවයි. නිරෝගි තරුණයින් රැසක් එකවර මෙලෙස මියයෑම බරපතල ගැටලුවක් බව පොලිසිය පෙන්වා දෙනවා.

    Latest News