අමෙරිකාවේ වෙඩිතැබීමකින් තිදෙනෙකු මරුට... U.S.News

අමෙරිකාවේ වෙඩිතැබීමකින් තිදෙනෙකු මරුට...

ජූනි 10, 2022

    එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ නිෂ්පාදන කම්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු කළ වෙඩිතැබීමකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා. මේරිලෑන්ඩ් පොලිස් බලධාරින් පවසන්නේ, වෙඩි තැබීම පිළිබඳ ලද තොරතුරත් සමග ක්ෂණිකව මේරිලෑන්ඩ් ප්‍රාන්ත පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කම්හලට ඇතුළු වූවත්, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

    ඇසින් දුටු සාක්ෂි අනුව, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා හඹාගොස්, ඔහුව කොටුකර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. එම පුද්ගලයා හා පොලිිසිය අතර වෙඩි හුවමාරුවකදී සැකකරු තුවාල ලබා ඇත. මේ වන විට අත්අඩංගුවේ පසුවම එම පුද්ගලයාගේ අනන්‍යතාවය සහ වෙඩි තැබීමට මුල්වූ කාරණය සොයා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හා මේරිලෑන්ඩ් ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    Latest News