අමෙරිකාවේ වෙඩි තැබීමකින් 8 දෙනෙක් මරුට

පෙබ 18, 2021

    අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියානි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙක්ට බරපතල තුවාල සිදුව තිබේ. උමං දුම්රිය ස්ථානයක් තුළ දී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ,එරට වේලාවෙන් පස්වරු 3.00ට පමණ වන අතර උතුරු ෆිලඩෙල්ෆියාවේ ෆර්න් රොක්හි පිහිටි ප්‍රවාහන මධ්‍යස්ථානයක් තුළයි. ප්‍රහාරයට ලක්වූවන් වයස අවුරුදු 17 සිට 71 දක්වා වයස් කාණ්ඩවලට අයත් වූවන් වන බව,ෆිලඩෙල්ෆියා පොලීසිය පවසයි.

    දැනට එක් පුද්ගලයෙක් සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවේ පසුවන අතර සැකකරු පිළිබඳ තොරතුරු විමර්ශනය කරමින් පවතියි.

    ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු චේතනාවක් හෝ අරමුණක් අනාවරණය නොවී ඇති අතර වෙනත් සැකකරුවන් සොයා පොලීසිය මෙහෙයුම් දියත් කරමින් සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 10:04

    Latest News