චීන ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතා මට්ටම ඉහළට...

ජූනි 10, 2022

    සමස්ත චීන ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතා මට්ටම ක්‍රමයෙන් වැඩිදියුණු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.  

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව ගෙවී ගිය දශකයේ සෞඛ්‍ය අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අද (10) පැවති මාධ්‍ය හමුවක දී, මේ බව අනාවරණය කෙරිණ.  ඉකුත් දශකයේ සෞඛ්‍ය දැනුම පිළිබඳ චීන ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

    රාජ්‍ය, පෞද්ගලික, සහ සමාජයීය ඒකාබද්ධ ප්‍රයත්න තුළින් රට පුරා ජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතා මට්ටම ප්‍රශස්ත අයුරින් වැඩිදියුණු කර තිබේ. එය වසර 10 කට පෙර 8.8% ක අගයක පැවතිණ. වසර 2021 වනවිට එය 25.4% දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.  මෙය “සෞඛ්‍ය සම්පන්න චීනය” වැඩසටහනේ අපේක්ෂිත ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමකි.

    Latest News