අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් ළමුන් 19ක් මරුට

මැයි 25, 2022

    අමෙරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් කුඩා දරුවන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ, ප්‍රාථමික පාසලකයි. සිද්ධියට වගකිව යුත්තේ, 18 හැවිරිදි තරුණයෙක්. ටෙක්සාස්හි උවාල්ඩේ නගරයේ රොබ් ‍නමැති ප්‍රාථමික පාසලේ වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    පොලීසිය පවසන්නේ, අදාළ පුද්ගලයා පිස්තෝලයක්, ඒ ආර් - 15 වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහ අධි ධාරිතාවෙන් යුත් මැගසින්වලින් සන්නද්ධව සිටි බවයි.

    මින් පෙර ඔහු සිය මිත්තනියට ද වෙඩි තැබීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    වෙඩික්කරු ද උවාල්ඩේ නගරයේම උසස් පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 25 මැයි 2022 10:14

    Latest News