ඇෆ්ගන් රැළියකට මෝටාර් ප්‍රහාරයක්

මාර් 07, 2019

    ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළේ දේශපාලන නායකයන් සහභාගි වූ ජන රැළියකට මෝටාර් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

    ඉන් තිදෙනෙකු මියගිය අතර 22ක් තුවාල ලැබූ බව වාර්තාවේ. ප්‍රහාරය සිදුවන අවස්ථාව රූපවාහිනී කැමරාවල සටහන් වී තිබිණ. කාබුල් අගනුවර අද (07) දහවල් පැවති රැළියට ඇෆ්ගන් රජයේ ප්‍රධාන විධායක අබ්දුල්ලා-අබ්දුල්ලා සහ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඇතුළු දේශපාලනික ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.

    පළමු ප්‍රහාරය එල්ල වූයේ රැළියෙන් බාහිර තැනකටයි. ඒ අවස්ථාවේ සංවිධායකයන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි. එහෙත්, දෙවැනි මෝටාර් උණ්ඩය රැස්ව සිටි ජනතාව අතරට පතිත විය. තුවාල ලැබූවන් අතර ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ද විය. විදේශ අමාත්‍ය සවාහුද්දීන් රබානි ද රැළියට එක්විය. ඔහුගේ ආරක්‍ෂක භටයන් 8 දෙනෙකු තුවාල ලැබූ බව, වාර්තාවේ.

    සැකකරු අත්අඩංගුවට ගත් බව, ඇෆ්ගන් පොලිසිය ප්‍රකාශ කරයි. එහෙත් කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

    Latest News