ලොව ලාබාලතම බිලියනපතිනිය කයිලි ජෙනර්

මාර් 08, 2019

    කයිලි ජෙනර් ලොව ලාබාලතම බිලියනපතිනිය බවට පත්වේ.

    ඇය අමෙරිකාවේ ජනප්‍රිය රියලිටි තාරකාවකි. ෆෝබ්ස් සඟරාව මඟින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි විය.

    මේ වනවිට Kylie Jenner 21 වැනි වියේ පසුවේ. කයිලි රූපලාවන්‍ය සහ රූපලාවන්‍ය නිශ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත කීර්තියක් දිනා සිටී.

    ෆෝබ්ස් ලැයිස්තුවේ පළමු ස්ථානය මෙවරත් ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බේසොස් දිනා තිබේ. ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 131කි.

    එහි දෙවැනි ස්ථානය අමෙරිකානු ඩොලර් බිලියන 96.6ක වත්කමක් ඇති මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස්ට හිමි විය.

    Latest News