ෆේස්බුක් ගැන සකර්බල්ගෙන් ඉඟියක්

මාර් 07, 2019

    ෆේස්බුක්හි සුරක්ෂිත කරන ලද පෞද්ගලික පණිවුඩ සේවාව, විවෘතව සිදු කරන පණිවුඩවලට වඩා, ජනප්‍රිය සේවාවක් බවට පත්වෙමින් ඇතැයි, ෆේස්බුක් ආයතනයේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි.

    සිය ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කරමින් ඔහු කියා සිටින්නේ, ෆේස්බුක් මාධ්‍යය පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන සහ භාවිත කරන්නන්ගේ සුරක්ෂිතතාව ඉලක්ක කරගත් වේදිකාවක් බවට පත් කිරීම තම දැක්ම බවයි.

    ෆේස්බුක් පාරිභෝගිකයන්ගේ ගැටලු පිළිබඳව තම ‍අවධානය යොමු කර ඇති බව ද ඔහු පවසයි. ෆේස්බුක් ලොව ජනප්‍රියතම සහ විශාලතම සමාජ මාධ්‍ය ජාලය ද වෙයි. ෆේස්බුක් ආයතනය, මැසෙන්ජර් සහ වට්ස්අප් ආයතනවල ද හිමිකාරීත්වය හොබවයි. මෙවැනි සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ කටයුතු දැවැන්ත විපර්යාසයකට ලක්කළ හැකිවීම ඒ කෙරෙහි කාගේත් අවධානය යොමුවීමට හේතුවක් බවයි සකර්බර්ග් පෙන්වා දෙන්නේ.

    ඒ අනූව, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ වෙනස්කම් කිහිපයක් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 13:51

    Latest News