මේ වසරේ ගෝලීය දිළිඳු ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යන බව, සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි....

මැයි 07, 2022

    මේ වසර තුළ ගෝලීය දිළිඳු ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි, "ඔක්ස්ෆෑම්" සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

    රුසියා-යුක්‍රේන යුද්ධය ඊට හේතුවයි. කොරෝනා වසංගතයෙන් දුර්වල වූ ගෝලීය ආර්ථිකයට රුසියානු-යුක්‍රේන යුද්ධයේ බලපෑම ද හේතුව බවයි, මෙම වාර්තාව පෙන්වා දෙන්නේ. ධාන්‍ය නිෂ්පාදනය අඩුවීම හා සේවාවන් බිඳවැටීම නිසා ලොව දිළිඳු රටවලට බරපතල තර්ජනයක් ඇතිවී තිබෙනවා.

    ගෝලීය ධාන්‍ය නිෂ්පාදනයෙන් තුනෙන් ඒකක් යුක්‍රේනය හා රැසියාව විසින් නිෂ්පාදනය කිරීම හේතුවෙන් ගෝලීය ආහාර අවශ්‍යතාව ප්‍රබල බලපෑමකට ලක්වී ඇති බවයි, ඔක්ස්ෆෑම් ආයතනය පෙන්වා දෙන්නේ. එම තත්වය අප්‍රිකාව, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාවේ සෙසු කලාපවලට ප්‍රබල ලෙස බලපාන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

    Latest News