කියුබාවේ අධි සුඛෝපභෝගී හෝටලයක පිපිරීමකින් 22ක් මරුට... CNN

කියුබාවේ අධි සුඛෝපභෝගී හෝටලයක පිපිරීමකින් 22ක් මරුට...

මැයි 07, 2022

    කියුබාවේ අධි සුඛෝපභෝගී හෝටලයක සිදුවූ පිපිරීමකින් 22දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    70කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මෙම පිපිරීම සිදුව ඇත්තේ හවානා අගනුවර පිහිටි කාමර 96කින් යුත් "සරටෝගා" අධි සුඛෝපභෝගී හෝටලයේ අලුත්වැඩියාවක් සිදුකරමින් පැවති අවස්ථාවකයි. ගැස් කාන්දුවක් ඊට හේතුව බවයි, මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ.  

    පිපිරීමෙන් හෝටල් ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් කඩාවැටී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් මේවන විටත් ක්‍රියාත්මකයි. මියගිය පිරිස අතර ගර්භණී කාන්තාවක සහ කුඩා දරුවෙකු ද සිටිනවා. කියුබානු ජනාධිපති මිගෙල් ඩියැස් කානෙල් අනතුර සිදුවූ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය ශෝකය පළකරමින් මෙම පිපිරීම බෝම්බ ප්‍රහාරයක් නොවන බව, ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News