ඇමසන් වනාන්තර වන විනාශය වාර්තාගත ලෙස ඉහළට...

මැයි 08, 2022

    බ්‍රසීලයේ, ඇමසන් වනාන්තර වන විනාශය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    ඉකුත් අප්‍රේල් මාසයේ එය අතිශය දරුණු මට්ටමක් කරා ළඟා වී ඇති බවයි, වාර්තා වන්නේ. පරිසරවේදීන් මීට ඍජුවම චෝදනා කරන්නේ, බ්‍රසීල ජනාධිපති ජාර් බෝල් සොනාරෝටයි. මේ අනුව, ඉකුත් අප්‍රේල් මාසයේ ඇමසන් වන විනාශය 2021 වසරට සාපෙක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

    අප්‍රේල් මාසයේ දින 29ක් තුළ වර්ග කිලෝමීටර් 1,012කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර, මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී ඇමසන් වන විනාශය අතිශයින් ඉහළ ගොස් ඇති බවයි, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. වන විනාශය ඉකුත් වසරට සාපේක්ෂව 69%ක වැඩිවීමක්. අනවසර වගා බිම් ගිනි තැබීම්, පතල් කැණීම්, ඇතුලු හේතු රැසක් මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News