යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාවෙන් ප්‍රතිඥා

මැයි 07, 2022

    යුක්‍රේන යුද්ධයේ දී න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවට රුසියාව ප්‍රතිඥා දී තිබේ.

    රුසියානු විදේශ අමාත්‍යාංශය මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. රුසියාව, න්‍යෂ්ටික ප්‍රහාරයකට සැරසෙන බවත් කුඩා න්‍යෂ්ටික බලයක් සහිත අවි දැනටමත් භාවිත කර ඇති බවටත් බටහිර රටවල් හා යුක්‍රේනය චෝදනා කරයි.

    රුසියාව යම් පසුබෑමකට ලක්වන අවස්ථාවේ දී න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇතැයි අමෙරිකානු සී අයි ඒ ඔත්තු සේවය ද පවසා තිබිණ. එහෙත්, රුසියානු විදේශ අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේපර කර තිබේ.

    Latest News