13 වැනි චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ

මාර් 06, 2019

    13 වැනි චීන මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහි දී ආරම්භ විය. චීන ජනාධිපති ෂීජින්පිං මහතා ඇතුළු චීන නායකයෝ සහ 3000ක ආසන්න මහජන නියෝජිතයෝ පිරිසක් ආරම්භක උත්සවයට එක්ව සිටියේය.

    2 වැනි සැසිවාරයේ ආරම්භක උත්සවයට එක්වූ චින අග්‍රාමාත්‍ය ලීකච්‍යං මහතා 2018 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව හා 2019 වසරේ රාජ්‍ය කාර්යයන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළේය. 2019 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදන අපේක්ෂිත වර්ධනය 6% - 6.5%ක් බවට ඇස්තමේන්තු කෙරෙන බව රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන්.

    ඇ.ඩො.බිලියන 138.3ක විදේශ අයෝජන සිදුකළ චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානය සිටියා.

    චීන රජය විශාල වශයෙන් බඳු අඩු කිරීමටද සැලසුම් කර ඇත. මේ වසරේ නව රැකියා ඉලක්කය මිලියන 11කි. ග්‍රාමීය දිළිඳු ජනතාව කෝටියකින් අඩු කිරීමද තවත් යෝජනාවකි. චීනය විදේශ ආයෝජනය ආකර්ෂණීය ලෙස වර්ධනය කරනු ඇති බවද ලීකච්‍යං මහතා ප්‍රකාශ කළේය. 2019 වසරේ චීනය සෙසු රටවල් හා එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ වඩාත් ඉදිරියට ගෙන යාමට චීනය අපේක්ෂා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 11:34

    Latest News