රුසියානු ආයෝජන ව්‍යාපාර තහනමට ලක්වෙයි

අප්‍රේ 06, 2022

    අමෙරිකාව ඇතුළු තවත් බටහිර රටවල් කිහිපයක් රුසියාව විසින් ආයෝජන කරන ලද ව්‍යාපාර මුළුමණින්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර යුක්‍රේනය තුළ යුද අපරාධ සිදු කළ රුසියානු හමුදා වහා නීතිය හමුවට ගෙන එන ලෙස එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙස්කි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඊයේ ඉල්ලා සිටියි.

    අමෙරිකාව සහ යුරෝපා සංගමයේ රටවල් රුසියාවට එරෙහි සම්බාධක තවදුරටත් දැඩි කිරීමටයි, ක්‍රියා කර ඇත්තේ. බුචා නගරයේ සමූල ඝාතනය සම්බන්ධයෙන් රුසියාවටයි, චෝදනා එල්ල වී ඇත්තේ.

    කෙසේ වුවද, රුසියානු රජය තවදුරටත් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. බටහිර රටවල සම්බාධක තවදුරටත් දැඩි කිරීමට ක්‍රියා කර ඇත්තේ මෙම සමූලඝාතන සිද්ධිය සැළකිල්ලට ගනිමින්.

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 11:02

    Latest News