එක්සත් ජනපදය හයිපසොනික මිසයිලයක් සාර්ථකව අත්හදාබලයි...

අප්‍රේ 06, 2022

    එක්සත් ජනපදය මාර්තු මැද භාගයේදී හයිපසොනික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව, එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත.

    රුසියානු - යුක්‍රේන අර්බුදය උත්සන්න වීම වලක්වා ගැනීම සඳහා මෙම අත්හදා බැලීම පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධ නොකළ බව, මාධ්‍ය හමුවේ දී ඔහු කියා සිටියා. මෙම හයිපසොනික මිසයිල, බී52 යානයක් ඔස්සේ ගුවන් ගත කළ බවයි වාර්තා වන්නේ.

    අමෙරිකානු ආරක්ෂක තොරතුරුවලට අනුව, මෙම මිසයිලය අඩි 65,000ක් උසින් සැතපුම් 300ක ඉලක්කයක් කරා පියාසර කර තිබෙනවා. එයට ගතවී ඇත්තේ, විනාඩි 05කට අඩු කාලයක් බවයි, වාර්තා වන්නේ. අත්හදා බැලූ මෙම මිසයිලය සැතපුම් 3,800ක ඉලක්කයක් කරා පියාසර කළ හැකි බව වාර්තා වී ඇත. අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මාධ්‍යයට පවසා ඇත්තේ, රුසියාව විසින් යුක්‍රේන හයිපසොනික මිසයිලයක් දියත් කර දින කිහිපයකට පසු මෙම අත්හදා බැලීම කර ඇති බවයි. යුක්‍රේන අර්බුදය තවත් උත්සන්න වීම වැලැක්වීම පිණිස මෙම අත්හදා බැලීම පිළිබඳව තොරතුරු ප්‍රසිද්ධ නොකළ බව, ඔහු එහිදී කියා සිටියා.

    Latest News