යුධ අපරාධ ගැන සෙලන්ස්කිගෙන් ප්‍රකාශයක්

අප්‍රේ 05, 2022

    රුසියාව විසින් තම රට තුළ සිදු කළ යුද අපරාධ පිළිබඳව චෝදනාවන් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුණු රැස් කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලන්ස්කි පවසයි. ඊයේ රාත්‍රියේ ජනතාව අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

    රට තුළ රුසියාව විසින් සිදුකළ සියලු යුද අපරාධ පිළිබඳව තම නිලධාරීන් තොරතුරු රැස්කරමින් සිටින බව සෙලෙන්ස්කි පවසයි. එමෙන්ම, සිදු වී ඇති යුද අපරාධ පිළිබඳ තම රටේ බලධාරීන් මෙන්ම, එය උදෙසා සමස්ත යුරෝපයම අවධානය යොමු කළ යුතු බව ඔහු විසින් සිහිපත් කර තිබේ.

    ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ නියෝජිතයන් විසින් තම උපරිමයෙන් යුක්‍රේන ජනතාවට සිදු වූ අපරාධයන් පිළිබඳ සොයා බලනු ඇතැයි, ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ. 

    Last modified on අඟහරුවාදා, 05 අප්‍රේල් 2022 10:46

    Latest News