මරියුපොල් යටත්කර ගැනීමට සූදානම්

මාර් 21, 2022

    යුක්‍රේනයේ, මරියුපෝල් නගරයෙන් ඉවත් වන ලෙස එරට සාමාන්‍ය ජනතාවට රුසියාව දැනුම් දී තිබේ. යුක්‍රේන හා රුසියානු හමුදා අතර එම නගරයේ දරුණු සටන් පවතින බවයි, වාර්තා වන්නේ.

    රුසියානු වේලාවෙන් සඳුදා උදේ 5.00 වන විට මරියුපොල් නගරය යටත් කරගන්නා බවට රුසියානු හමුදාව අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    යුක්‍රේන හමුදා අවි ආයුධ අතහැර යටත් වියයුතු බවට ද රුසියාව දැනුම් දී තිබේ.

    එහෙත්, යුක්‍රේන නියෝජ්‍ය අගමැතිවරයා යටත් වනවා ද නැද්ද යන්න පිළිබඳව රුසියාව ගැටලුවක් කරගත යුතු නැති බව ප්‍රකාශ කර තිබේ.
    මරියුපෝල් නගරය යුක්‍රේනයේ ප්‍රධාන ආර්ථික නගරයක්.

    රුසියානු හමුදාව මේ වන විට මරියුපොල් නගරයට ඇතුළුවී සිටියි. රුසියාව පවසන්නේ, නගරයේ ජනතාවට හැකි ඉක්මණින් සරණාගත කඳවුරු වෙත යන ලෙසයි.

    Last modified on සදුදා, 21 මාර්තු 2022 10:09

    Latest News