බොරතෙල් බැරලයක මි​ල ඉහළම අගය වාර්තා කරයි

මාර් 07, 2022

    ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් දක්වා ඉහළ ගොස් තිබේ. රුසියානු තෙල් වර්ජනය කිරීමට අමෙරිකාව ප්‍රමුඛ රටවල් ගත් තීරණය මීට ප්‍රධාන හේතුවයි. යුක්‍රේන - රුසියා ගැටලුව මුල්කර ගනිමින් රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

    රුසියාව සැළකෙන්නේ, ගෝලීය තෙල් හා ස්වභාවික වායු අපනයනය කරන ප්‍රධාන රටක් ලෙසයි. යුරෝපා රටවල් සහ චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් ද රුසියානු ඉන්ධන මත යැපෙන රටවල් ලෙස සැලකෙයි. අමෙරිකාව තම හිතවාදී රටවලින් ද රුසියානු තෙල් මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා තිබේ.

    යුරෝපා රටවල අදහස වී ඇත්තේ ද රුසියාව තම තෙල් අපනයනයෙන් උපයා ගන්නා ලාභය යුක්‍රේනයට පහරදීම සඳහා යොදා ගන්න බවයි.

    ගෝලීය පරිභෝජනයට අවශ්‍ය තෙල් රුසියාවෙන් නොලැබීම හේතුවෙන් ගෝලීය තෙල් මිල ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
    2008 වසරේ සිට ගෝලීය තෙල් මිල ඉහළ අගයක් ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

    ඔපෙක් සංවිධානය සමග එක්ව ක්‍රියා කරන රටවල් මේ වන විට තෙල් නිෂ්පාදනය අඩු කිරීම ද තෙල් මිල ඉහළ යාමට හේතුවක් වී තිබිණ.
    අමෙරිකාව, රුසියාව, කැනඩාව යන රටවල් ගෝලීය පරිභෝජනයට අවශ්‍ය තෙල් නිකුත් කිරීම මගින් ගෝලීය මිල පාලනය කිරීමට හැකිවී තිබේ.

    Latest News