ලෝක වෙළඳප‍ලේ බොරතෙල් බැරලයක මිල පහළට

අප්‍රේ 15, 2024

    ඉරානය විසින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල පහළ බැස තිබෙනවා.

    බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 කට ආසන්න අගයක් දක්වා අද උදෑසන වන විට පහළ බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

    ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට මධ්‍ය වාර්තා පළ වීමත් සමග පසුගිය සතියේ බොර තෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.  මාස 6 කින් වාර්තා වූ ඉහළම බොර තෙල් මිල පසුගිය සතියේ වාර්තා වුණා.  එහෙත්, ඉරානය විසින් ප්‍රහාරය එල්ල කිරීමත් සමග බොර තෙල් මිල අඩු වූ අතර, එම අගය ඉදිරියේදී තවත් අඩු විය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ. 

    ඉරානය ලොව 7 වැනි විශාලතම බොර තෙල් නිෂ්පාදකයායි.  එසේම, ‍ඔපෙක් සංවිධානයට අයත් රටවලින් තුන්වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා ඉරානයයි.  විශ්ලේෂකයින් පවසන්නේ, බොර තෙල් මිල වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ, හෝමුස් සමුද්‍රසන්ධිය හරහා බොර තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමට ඇති හැකියාවයි.                      

    Latest News