වැටුනු ෆේස්බුක් හා රිදුන ෆේස්බුක් අතර සැඟවුනු කතාව (වීඩියෝ)

මාර් 14, 2019

    ෆේස්බුක් සමාජ ජාලය ඉතිහාසයේ විශාලම බිඳවැටීම ඊයේ (13) වාර්තා විය.

    මෙම බිඳවැටීම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ සිදුවී ඇති අතර ඊට හේතුව මේවන තෙක් ඔවුන් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

    මේ වනවිට මසකට පරිශීලකයින් බිලියන 2.3 පමණ සිටින ෆේස්බුක් සමාජජාලයේ මෙවැනි විශාල මට්ටමේ බිඳවැටීමක් මීට පෙර වාර්තා වූයේ 2008 දී ය. ඒ වන අතර එවිට එහි පරිශීලකයන්ගේ ප්‍රමාණය මිලියන 150ක් පමණ විය.

    ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ප්‍රධානව එම සමාගමට අයිති අනෙකුත් පණිවිඩ හුවමාරු මාධ්‍යයන් වන "මැසෙන්ජර්" , "වට්ස්ඇප් " සහ "ඉන්ස්ටර්ග්‍රෑම්" වලටද මෙය බලපා ඇත.

    වෙනත් සමාජ ජාලවල පලවූ තොරතුරුවලින් ප්‍රකාශ වූයේ මෙය අන්තර්ජාලයේ වේගය සීමාකරමින් ඇති වූ සයිබර් ප්‍රහාරයක් බවයි.
    නමුත් මෙය එවැනි ආකාරයේ (Distributed Denial of Service attack -DDoS) සයිබර් ප්‍රහාරයක් නොවන බව ඊට පිලිතුරු සපයමින් ෆේස්බුක් සමාගම පවසා ඇත.

    ෆේස්බුක් ප්‍රධාන සේවාව ක්‍රියාත්මක වුවත් නව පලකිරීම් සිදු කළ නොහැකි බව වූ පරිශීලකයන් එම අඩවියට වාර්තාකර ඇත. ඉන්ස්ටර්ග්‍රෑම් පරිශිලකයන් ද සඳහන් කළේ අලුත් දෑ පලකළ නොහැකි බවයි. මැසේන්ජර් යෙවුමේදී පරිගණකය දී ක්‍රියා නොකළත් ස්මාර්ට් දුරකතනවල ක්‍රියාත්මක වූ බව විදේස් මාධ්‍ය සඳහන් කරයි. වට්ස්ඇප් යෙදවුමේද මේ ආකාරයේම තත්වයක් ඇති වී තිබිණ.

    ෆේස්බුක් ආශ්‍රිතව තම ව්‍යාපාර කරන සමාගම්වලට මෙය ඉතා දැඩි බලපෑමක් වී ඇති අතර ෆේස්බුක් බාවිත කරන දේශපාලන ක්‍රියාකාරික්යන්ද මේ නිසා දැඩි අපහසුතාවයට පත්වූ බව බව වාර්තාවේ.

    ට්විටර් ඔස්සේ මේ පිළිබඳව අදහස් දක්වමින් පරිශීලකයන් කියා සිටියේ සමාජජාලය එක් සමාගමක මත පමණක් රැඳී සිටිනවිට මේ තත්වයට මුහුණ දීමට සිදුවන බවයි. ඊයේ දිනයේ " #FacebookDown" සහ "#InstagramDown" ලෙස වාර 150,000 පමණ සංඛ්‍යාවක් බාවිතා වූ බව වාර්තා වේ.

    2003 වර්ෂයේදී FaceMash නමින් ආරම්භ වූ ෆේස්බුක් සමාජජාලය පසුව 2004 වසරේදී Facebook ලෙස නම් කෙරිණ. අමෙරිකානු සමාගමක් වන ෆේස්බුක් සමාජජාලය මාක් සකර්බර්ග් ප්‍රධානව ඔහුගේ හාවඩ් විශ්වවිද්‍යාල මිතුරන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කර තිබේ. ෆේස්බුක් සමාජජාලය මේ වන විට බිලියන 2ක් ඉක්ම වූ පරිශීලකයන් සිටින ලොව විශාලම සමාජජාලය වෙබ්අඩවිය වේ. මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම වේගයෙන් පරිශීලකයන් ප්‍රමාණය වර්ධන වූ දෙය ලෙසද ෆේස්බුක් වාර්තාවේ.

     

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 18:53

    Latest News