රුසියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්....

පෙබ 01, 2022

    රුසියාවේ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ අදත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවා.

    එම ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 25,000කට අධිකයි. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා රුසියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 19 ලක්‍ෂ 87,000කට ආසන්නයි. සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 32,000 ඉක්මවා ගියේ අද වාර්තා වූ කොරෝනා මරණ 663ත් සමඟයි.

    Latest News