බ්‍රසීලයේ ගංවතුරෙන් 19ක් මරුට....

ජන 31, 2022

    බ්‍රසීලයේ සාඕ-පාවොලෝ ප්‍රාන්තයට බලපා ඇති දැඩි ගංවතුරෙන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

    පවුල් 500කට පමණ නිවාස අහිමි වී ඇති බවයි, වාර්තා වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් සාඕ-පාවොලෝ ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක නායයෑම් ද හට ගැනුනා. සහන සේවකයින් හා ගිනිනිවන භටයින් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
    මේ වනවිට 14 දෙනෙකු අතුරුදන්. ප්‍රාදේශීය බලධාරීන් ගංවතුර ඇතිවීමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. මේ වනවිටත් පවුල් ලක්‍ෂ 5ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රසීලයේ වැසි සමය පසුගිය කාලයේ ආරම්භ වීමත් සමඟ ඇති වූ ගංවතුර තත්වයෙන් එරට බහියා සහ මිනාස් ජෙරායිස් ප්‍රාන්තවල 40කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News