චීනයේ ආර්ථික ප්‍රගතියෙන් ලෝක ආර්ථිකයටත් සාධනීය බලපෑම්

ජන 18, 2022

    චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින්, ජනවාරි 17 වැනිදා නිකුත් කරන ලද වාර්ෂික වාර්තා අනුව, 2021 වසරේ, චීන ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් ව ඇති අතර, අපේක්ෂිත ප්‍රධාන ඉලක්ක සම්පූර්ණයෙන් සාක්ෂාත් වී තිබේ.

    සමස්ත දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 114.4 කි. එම වටිනාකම පසුගිය වසරට වඩා  8.1%ක වර්ධනයක් අත්පත් කරගනිමින් ලොව දෙවන ස්ථානයට පත්ව තිබේ. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ඉදිරියෙන් පසුවන චීනය, තම ආර්ථිකයේ ශක්තිමත් භාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවය නැවත වරක් ලොවට පෙන්වා ඇත.

    චීනයේ තිරසර සහ ස්ථාවර ආර්ථික ප්‍රකෘතියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දේශීය ඉල්ලුම අඛණ්ඩව ප්‍රසාරණය වීමයි. 2021 වසරේ, චීනයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවිය යුවාන් ට්‍රිලියන 40 ඉක්මවූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 12.5%ක වැඩිවීමකි.

    ස්ථාවර වත්කම්වල ආයෝජන පරිමාණය යුවාන් ට්‍රිලියන 50 ඉක්මවූ අතර, එය 4.9%ක වර්ධනයකි. ආර්ථික වර්ධනය සඳහා දේශීය ඉල්ලුමේ දායකත්ව අනුපාතය 79.1% ක් විය.

    ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනයේ තිරසර ආර්ථික ප්‍රකෘතිය සමස්ත ලෝකයටම බලපාන කරුණක් බව ගෝලීය ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති. මෙම තත්ත්වය ජගත් ආර්ථිකයට විශ්වාසය සහ නිශ්චිතභාවය පමණක් නොව, අවස්ථා සහ ලාභාංශ ද ගෙන එන බව ඔවුන්ගේ අදහසයි. 

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News