උ.කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි

ජන 05, 2022

    උතුරු කොරියාව, තවත් ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

    පවතින එකඟතාවලට විරුද්ධව යමින් එරට දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම ජපානය ඇතුළු කලාපීය රටවල් රැසක දැඩි විවේචනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    උතුරු කොරියාව, එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර තිබේ. ඒ පිළිබඳ දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් තහවුරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වසර තුළ උතුරු කොරියාව සිදුකළ පළමු මිසයිල අත්හදා බැලීම මෙයයි.

    වසර ආරම්භයේම මෙවන් ක්‍රියාවක් සිදු කිරීම කණගාටුවට කරුණක් බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසයි.

    මේ පිළිබඳ මුලින්ම හෙළි කරන ලද ජපාන වෙරළාරක්ෂක හමුදාව මෙය බැලැස්ටික මිසයිලයක් බවට ප්‍රකාශ කර ඇති නමුත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර නැහැ. කිලෝ මීටර් 500ක් පමණ දුර මිසයිලය ගමන් කර ජපානයේ විශේෂ ආර්ථික කලාපයකට පිටතින් පතිත වී තිබේ.

    Last modified on බදාදා, 05 ජනවාරි 2022 15:12

    Latest News