ලොව පුරා ජනතාව නව වසර උදාව සමරයි

ජන 01, 2022

    මෙවර ද 2022 නව වසර පිළිගැනීමට ලෝකවාසී සියලු ජනයා සූදානමින් සිටිය අතර බොහෝ රටවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව විවිධ උත්සව සිරි ගැන්වෙන අයුරින් සැණකෙළි හා ගිණිකෙළි සංදර්ශන සංවිධානය කර තිබිණ.

    මෙවර 2022 නව වසර නවසීලන්ත වාසීන් විසින් ඉතා විචිත්‍රවත් අයුරින් ඕක්ලන්ඩ් නුවර දී පිළිගනු ලැබීය. ඒ අනූව 2022 නව වසර ලෝකයේ ප්‍රථමයෙන්ම පිළිගනු ලැබූ රාජ්‍යය බවට පත් වූයේ ඕක්ලන්ඩ් අගනුවරයි.

    සෑම වසරකම නව වසර එළඹීමේ දී නැගෙන පළමුවෙනි ප්‍රශ්නය වනුයේ සැබැවින්ම නව වසර මුල් වරට උදාවන්නේ, කුමන රටට ද යන්නයි. භෞතික සිද්ධීන් හා මනක්කල්පිත දින රේඛාවන්ට අනූව සත්‍යවශයෙන්ම අවුරුද්ද මුලින්ම උදාවන්නේ චුකොට්කා හි කේප් ඩෙෂ්නෙව් වෙතයි.

    නවසීලන්තයේ චැතෑම් දූපත්වලට වඩා මිනිත්තු 10කට පෙර වුවද නව අවුරුද්ද විචිත්‍රවත්ව සැමරුමට ලක් කළ රට වූ නවසීලන්තය නව වසර මුලින්ම පිළිගත් රට ලෙස සලකනු ලැබ ඇති බව වාර්තා වෙයි.

    අනෙකුත් රටවල් බොහෝමයක් ද ගිනිකෙළි සංදර්ශන හා සැණකෙළි සංවිධාන කරමින් නව වසර පිළිගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News