එහි ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අද්නම් නව වසරේ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ජාතිවාදී පදනමින් එන්නත් රැස් නොකර සියලුම රාජ්‍යයන් වෙත සමානව එන්නත් බෙදා හැරීමට සෑම රටක්ම දායක විය යුතු බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පනස් ලක්ෂයකට අධික පිරිසක් මියගොස් තිබෙනවා.