ඉරානයෙන් අභ්‍යවකාශ රොකට්ටුවක් ගුවනට

දෙසැ 30, 2021

    ඉරානය අභ්‍යවකාශ රොකට්ටුවක් ගුවන්ගත කර තිබෙනවා.

    2015 න්‍යෂ්ටික ගිවිසුම යළි පණගැන්වීමට, සාකච්ඡා පැවැත්වෙන මොහොතක, එරට මෙලෙස රොකට්ටුවක් අත්හදාබැලීම සම්බන්ධයෙන්, බටහිර රටවල දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන්. චන්ද්‍රිකාවක් සහ තවත් උපාංග 3 ක් රොකට්ටුවත් සමග ගුවන්ගත කර ඇති බවයි, වාර්තා වන්නේ. කෙසේ වුවද,  එලෙස අභ්‍යවකාශ ගතකළ උපාංග 03 පිළිබඳ පැහැදිලි තොරතුරක් හෙලි නොකිරීමටයි, ඉරාන රජය තීරණය කර ඇත්තේ.

    මෙම ක්‍රියාවලිය සැක සහිත බව අමෙරිකානු බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා. රොකට්ටුව සාර්ථකව කක්‍ෂගත වූයේ ද යන්න මෙතෙක් නිවේදනය කර නැහැ. ඉරානය මෑත කාලීනව ගුවන්ගත කරන ලද අභ්‍යවකාශ මෙහෙයුම් එතරම් සර්ථකත්වයක් පෙන්නුම් කර නැහැ. මෙවර මෙහෙයුම සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු පවතින බවයි, ඉරාන බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වුවද,  මේ නිසා සාකච්ඡා වට ගණනාවක් පැවති න්‍යෂ්ටික සාකච්ඡා තවදුරටත් අසාර්ථකවේද යන්න සැක සහිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 20:14

    Latest News