පිලිපීනයේ උග්‍ර ගංවතුර තත්වයක්.....

දෙසැ 18, 2021

    පිලිපීනයේ උග්‍ර ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා. ජල ගැලීම් සිදුව ඇත්තේ "රායි" සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟයි.

    පිලිපීනයේ දකුණු දිග වෙරළ තීරය හරහා පැයට කිලෝමීටර 200ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමා ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා. එය මේ වසරේ පිලිපීනයට බලපෑ දරුණුතම සුළි කුණාටුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම ආපදා තත්වයෙන් පිලිපීනයේ සියාර්ගෝ දිවයින සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි ආණ්ඩුකාරවරයා පවසනවා. සිදුව ඇති අලාභය අමෙරිකානු ඩොලර් මිලියන 400 කට අධිකයි.
    කුණාටුවේ බලපෑම නිසා පිලිපීනයේ දිනගට් පළාතේ ගොඩනැගිලි පොලොවට සමතලා වී ඇතැයි, එහි ප්‍රධානියා විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ, සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. අනතුරට ලක්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    Latest News