ඉදිරි වසර සඳහා චීනයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කෙරේ

දෙසැ 15, 2021

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි.

    සමුළුව පසුගිය 8වැනිදා සිට 10වැනිදා දක්වා බෙයිජිංහි දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවට එක්වෙමින් ප්‍රමුඛ දේශනය පැවැත්වීය. ජනාධිපතිවරයා 2021  වසරේ ආර්ථික කටයුතු සාරාංශගත කළ අතර, වත්මන් ආර්ථික තත්ත්වය ද විශ්ලේෂණය කළේය. එසේම, ඉදිරි  2022 වසර සඳහා වන ආර්ථික කර්තව්‍යයන් ද ෂී ජින් පිං මහතා විසින් නියම කරනු ලැබීය.

     චීන ආර්ථිකයේ ස්ථාවරභාවය සහ දීර්ඝ කාලීන සංවර්ධන ප්‍රවණතාව වෙනස් නොවන බව සමුළුවේදී අවධාරණය කෙරිණ.

    2022 වසරේ ආර්ථික ප්‍රගතිය ස්ථාවර විය යුතු බවත්, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීම විවිධ ප්‍රදේශවල අදාළ දෙපාර්තමේන්තු විසින් දැරිය යුතු අතර ආර්ථික ස්ථාවරත්වයට හිතකර ප්‍රතිපත්ති සක්‍රියව හඳුන්වා දිය යුතු බවත් එහිදී පෙන්වාදෙනු ලැබීය.

    වාර්ෂික ව පැවැත්වෙන ආර්ථික කාර්ය රැස්වීම, මීළඟ වසර සඳහා චීන ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවයි.

     

    අරෝෂා සමරදිවාකර - (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News