ශීත සෘතුවේ යුරෝපයේ යළිත් ආසාදිතයින්

නොවැ 15, 2021

    යුරෝපය නැවතත් කොරෝනා වසංගතයේ අවදානම් කලාපයක් බවට පත් වෙමින් තිබේ.

    ශීත සෘතුව සහ උත්සව කාලය උදාවී තිබීම හේතුවෙන් ආසාදිතයන්ගේ වැඩි වීමක් පවතියි. පසුගිය 11 වැනිදා සිට ඇරඹුණ වාර්ෂික උත්සව අවස්ථා සහ එළඹෙන නත්තලට සූදානම් වීමට යුරෝපා රටවල් ජනතාව අනාරක්ෂිත ලෙස සමාජය තුළ සැරිසරයි.

    බ්‍රිතාන්‍ය,ප්‍රංශය,ඩෙන්මාර්කය,ඉතාලිය යන තවත් යුරෝපානු රටවල් අතරින් රුසියාව හා ජර්මනිය තුළ කොරෝනා ආසාදිතයන් දෛනික වැඩි අගයක් වාර්තා වෙයි.

    විශේෂයෙන් පවතින ශීත දේශගුණික තත්වය වැඩිවීමත් සමග දෛනික මරණ සංඛ්‍යාවද, ක්‍රමයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 15 නොවැම්බර් 2021 10:41

    Latest News