ඩකා නුවර හදිසි ගින්නකින් 78 මරුට Reuters

ඩකා නුවර හදිසි ගින්නකින් 78 මරුට

පෙබ 21, 2019

    ඊයේ(21) රාත්‍රි‍ බංගලාදේශයේ ඩකා අගනුවර ඇතිවූ හදිසි ගින්නකින් 78 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එරට වේලාවෙන් ප.ව. 11.40ට පමණ ගිනි ගන්නා සුළු රසායනික ද්‍රව්‍ය ගබඩා ‍කර තිබූ නිවසක මෙම ගින්න හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ගින්නට නිෂ්චිත හේතුව මෙතක් අනාරවරණය කරගෙන නොමැත.

    මිය ගිය අතර වැඩිපිරිසක් නිදා සිටි අය වන අතර මංගල සාදයක පිරිසක් ද මේ අතර සිටින බව එම වාර්තා වේ.

    මෙම ගින්න ඇතිවී තිබෙන්නේ වසර 400කට වඩා පැරණි නගරයක් වන චොක්බසාර් (Chawkbazar) දිස්ත්‍රික්‍කයේ වන අතර එම දිස්ත්‍රික්කය ඉතා ආසන්නව පිහිටි නිවාස හා ඉතා පටු මාර්ග පද්ධතියකින් සමන්විතයි.

    තුවාල ලැබූ ඇතැම් අයගේ තත්වය බරපතල බව සහ හානියට පත්වූවන්ගේ ගණන තවදුරටත් වැඩි විය හැකි බව එම වාර්තා සඳහන් කරයි. ගිණිනිවන භටයන්ට පැය 5ක පමණ කාලයක් මෙම ගින්න නිවීම සඳහා වෙහෙස වීමට සිදුව ඇත. පටු මාර්ග පද්ධතිය සහ ජලය සපයා ගැනීමට ඇති පහසුව ගින්න නිවීමේ කටයුතු ප්‍රමාද වීමට හේතු වී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 15:55

    Latest News