වසන්තයේ සක්‍රීය වන කැලිෆෝර්නියාවේ දියඇල්ල

පෙබ 21, 2019

    උණුසුම් කාලගුණික තත්වයක් මත ලැව් ගිනි හටගැනීම නිරතුරුවම සිදුවේ.

    පරිසරයට සුන්දරත්වය මෙන්ම සිසිලස එක් කරන්නේ, දියඇලි මගින්. දිය ඇල්ලක් ගිනිගෙන ඇති බව කිවහොත්, එය පිළිගත හැකිද? මෙය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන්...

    වසන්ත කාලයේ දී සක්‍රීය වන “හෝස්ටේල්“ දියඇල්ල පිහිටා ඇත්තේ කැලිෆෝර්නියාවේ යොසෙමික් ජාතික උද්‍යානය තුළයි. ශීත සෘතුවේ ඝන තත්වයේ පවතින එහි ජලය වසන්ත සමයත් සමඟ පහළට ගලාහැලීම ඇරඹේ. පෙබරවාරි අවසන් සතිය වනවිට බැසයන හිරු කිරණ සමඟ ගිනි ජාලාවක ස්වරූපයක් නිර්මාණය වීම මෙම දියඇල්ලේ ආවේණික ලක්‍ෂණයක්.

    ගලාහැලෙන ගින්නක ස්වරූපයෙන් යුත් රන්වන් පැහැය ඊට ලැබී ඇත්තේ සෘජු කෝණිකව පතනය වන මළහිරු රැස් ජල බිඳිති මගින් පරාවර්තනය වීම නිසයි. මෙම දුලභ සුන්දර දර්ශනය රූගත කරගැනීම සඳහා ලොව නන්දෙසින් ඡායාරූප ශිල්පීන් වාර්ෂිකව කැලිෆෝර්නියාව වෙත පැමිණෙමින් සිටිති.

    Latest News