බංගලාදේශයේ ගින්නක්; ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු 7ක් මරුට (වීඩියෝ)

මාර් 28, 2019

    බංගලාදේශයේ ඩකා අගනුවර බනානි ගොඩනැල්ලේ ඇතිවූ ගින්නකින් ශ්‍රී ලංකිකයෙක් ඇතුළු 7 දෙනෙක් මිය ගොස් ඇති බව වර්තාවේ. තවත් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 60 දෙනෙකුට තුවාල සිදුවී ඇත.

    මහල් 19කින් යුත් බනානි ගොඩනැගිල්ලේ මෙම ගින්න ඇති වී තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ස්කෑන්වෙල් ලොජිස්ටික්ස් නම් සමාගමේ සේවය කළ නිරෝෂ් විග්නරාජා නමැති ශ්‍රී ලංකිකයෙකි. මෙම ගින්නෙන් බේරීමට එම ගොඩනැගිල්ලෙන් බිමට බැසීමට ගත් උත්සාහයේදී ඉන් පහළට ඇද වැටීමෙන් ඔහු මිය ගොස් ඇත. ඔහුගේ මෘත ශරීරය ඩකා අගනුවර කුරුමිතෝලා මහ රෝහල තබා තිබේ.

    තුවාල ලබා ඇත්තේ ඉන්දික මාරසිංහ නම් ශ්‍රී ලංකිකයක් වන අතර ඔහු මේ වන විට මූලික ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 20:44

    Latest News