ඊයේ වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන්

නොවැ 03, 2021

    ඊයේ ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.

    එම සංඛ්‍යාව 1,178ක්. ඉකුත් දින කිහිපයේ දී අඛණ්ඩව එරටින් ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා විය. සෞඛ්‍ය අංශ එරට රජයෙන් ඉල්ලා සිටින්නේ, වසංගතය පාලනය සඳහා රට අර්ධ වශයෙන් වසා තැබීමකට ලක් කරන ලෙසයි.

    බ්‍රිතාන්‍යයේ ඊයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 293ක්. එය ඉකුත් පෙබරවාරි මාසයට පසු එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි, වාර්තා වන්නේ. ඇතැම් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එරට සැබෑ මරණ සංඛ්‍යාව, සංඛ්‍යාලේඛන දත්තවලට වඩා ඉහළ අගයක් ගන්නා බවයි. එළැඹෙන නත්තල් සමයේ දී මේ තත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

    Last modified on බදාදා, 03 නොවැම්බර් 2021 11:55

    Latest News