රුසියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක්.....

නොවැ 07, 2021

    කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව රුසියානු සෞඛ්‍ය අංශ පවසනවා.

    ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1,188ක්. ඊයේ දිනය තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එයයි. රට තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. එන්නත්කරණය අවමවීම ආසාදිතයින් ඉහළයාමට මූලික හේතුවයි. රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 41,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

    එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87 ලක්‍ෂයකට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 45,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    Latest News