ඉතියෝපියාව ජාතික මට්ටමේ හදිසි තත්වයක් ප්‍රකාශයට

නොවැ 03, 2021

    ඉතියෝපියාව ජාතික මට්ටමේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය මාස 6ක් බලපැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන්.

    අබි අහ්මඩ් ප්‍රමුඛ එරට කැබිනට් මණ්ඩලය මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. ටිග්රේ කලාපයේ බලය අත්පත් කරගෙන සිටින සටන්කාමීන් අඩිස් අබාබා අගනුවර ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරන බවට වාර්තා පළ වීමත් සමගයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

    අග්‍රාමාත්‍යවරයා අගනුවර වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ආත්මාරක්ෂාව සළසා ගැනීමටත් අගනුවර ආරක්ෂා කරගැනීමටත් ක්‍රියා කරන ලෙසයි.

    හදිසි නීතිය යටතේ රට පුරා මාර්ග බාධක ඇති කිරීමට, සියලු ප්‍රවාහන සේවා අඩාල කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ඇතැම් ප්‍රදේශවලට හමුදා භට පිරිස් ස්ථාන ගත කිරීම වැනි පියවර ගැනෙනු ඇති.

    මෙහි දී ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සබඳතා ඇති බවට සැක කෙරෙන ඕනෑම අයෙකු අධිකරණ වරෙන්තුවකින් තොරව රඳවා තබාගත හැකි අතර හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම පුරවැසියෙකු නැවත සේවයට කැඳවීමට හැකි විම ද විශේෂත්වයක්.

    Last modified on බදාදා, 03 නොවැම්බර් 2021 12:15

    Latest News