ඉන්දියාව බලශක්ති අර්බුදයක

ඔක් 08, 2021

    ඉන්දියාව බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටියි. ඒ එරට ගල් අඟුරු බලාගාර 135න් අඩකටම අවශ්‍ය ප්‍රමාණවත් ගල් අඟුරු සැපයීම අඩාල වී තිබීම හේතුවෙන්.

    ඉන්දියාවේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාගන්නේ ගල් අඟුරු බලාගාරවලින්.

    ලෝක වෙළෙඳ පොලේ ගල් අඟුරු මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ නිසා ඉන්දියාව ගල් අගුරු ආනයනය සීමා කර ඇති බවයි, වාර්තා වන්නේ. ලොව 4 වැනි විශාලතම ගල් අඟුරු සංචිතයට හිමිකම් කියන ඉන්දියාවේ බලාගාර රඳාපවතින්නේ ආනයනික ගල් අඟුරු මතයි.

    අර්බුදයට විසඳුම ලෙස විකල්ප බලශක්ති සඳහා යොමුවීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවයි, විශ්ලේෂකයින් පවසන්නේ. මේ නිසා ඉන්දියාවේ බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීම දුෂ්කර බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 08 ඔක්තෝබර් 2021 09:58

    Latest News