තායිලන්තය සීමා ලිහිල් කරයි

සැප් 27, 2021

    තායිලන්තයේ කොරෝනා වෛරස පාලනය සඳහා බොහෝ ප්‍රදේශවලට පනවා තිබූ අඟුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

    ඔක්තෝබර් පළමුවැනිදා සිට සිනමා ශාලා සහ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවසර දෙන බව බලධාරීන් පවසයි. ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 12,353ක් වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 125ක්. එරටින් මේ දක්වා සමස්ත ආසාදිතයන් 15ස් ලක්‍ෂයකට අධික පිරිසක් වාර්තා වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 16,369ක්.

    Latest News