ඉන්දියාව තවමත් දිනක ආසාදිතයින් 30,000 පනී

සැප් 21, 2021

    ඉන්දියාව තුළ දෛනිකව ආසාදිතයන් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තාවන ඉන්දියාව තුළ මේ වන විට තුන්කෝටි 85 ලක්ෂය ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

    රට තුළ පවතින වසංගත තත්වය මගහරවා ගැනීම උදෙසා එරට විශේෂ එන්නත් ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

    එන්නත්කරණය මගින් ආසාදිතයන් පාලනය කිරීමට හැකි වුවහොත්, සංචාරකයින් සඳහා ඉදිරියේ දී රට විවෘත කරන බව බලධාරීන් පවසයි.

    Last modified on අඟහරුවාදා, 21 සැප්තැම්බර් 2021 11:14

    Latest News