ආරක්ෂක සන්ධානය ගැන උතුරු කොරියාවෙන් විවේචන

සැප් 21, 2021

    බ්‍රිතාන්‍යය,අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව එක්ව ඇති කර ගත් ආරක්ෂක සන්ධානය ඉන්දු - පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයකට මුල් වෙනු ඇති බව උතුරු කොරියාව පවසයි. කෙසේ නමුත් එම ගිවිසුම ප්‍රංශය ඇතුළු බටහිර සන්ධානයේ ඇතැම් රටවල ද විවේචනයට ලක්ව තිබේ.

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව එලෙස පසුගිය සතියේ එළඹුණු ගිවිසුම මගින් ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන සැපයීමට එකඟ වී තිබේ.

    මෙම නව ගිවිසුම හේතුවෙන්, ඔස්ට්‍රේලියාව හා ප්‍රංශය අතර පැවති සබ්මැරීන නිෂ්පාදනයට අදාළ ගිවිසුම් ද මේ වන විට අහෝසි වී ඇති අතර මේ පිළිබඳ ප්‍රංශය තම විරෝධය ප්‍රකාශ කර සිටියේය.

    නව ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අදාළ ගිවිසුම ආසියා පැසිෆික් කලාපයේ ක්‍රමෝපාය සමබරතාව අනතුරුදායක තත්වයකට පත් කරනු ඇති බවයි.

    මෙම ප්‍රකාශයත් සමග ඉන්දු - පැසිෆික් කලාපයේ න්‍යෂ්ටික අවි තරගයන් ඉදිරියේ දී ඉස්මතු විය හැකි බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 සැප්තැම්බර් 2021 11:14

    Latest News