උතුරු කොරියාව, දුම්රියක සිට මිසයිල අත්හදා බැලීමක්

සැප් 18, 2021

    දුම්රියක සිට බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීමත් සමග ලෝක ප්‍රජාවගේ අවදානය නැවතත් උතුරු කොරියාව වෙතයොමුව තිබෙනවා.

    මෙම මිසයිල කිලෝමීටර් 800 ක පමණ දුරින් යුත් ජපාන මුහුදට පතිත වී ඇති බවයි, වාර්තා වන්නේ.  උතුරු කොරියාවේ රාජ්‍ය රූපවාහිනිය එම මිසයිල අත්හදා බැලූ දුම්රිය පිලිබඳ වීඩියෝ දර්ශන විකාශය කර තිබෙනවා. එම අත්හදා බැලීමත් සමග කලාපයේ නොසන්සුන් තත්වයක් ඇතිව තිබෙන පවයි, වාර්තා වන්නේ.

    ජපාන අගමැති යොෂිහිඩේ සුගා නිවේදනයක් නිකුත් කරමින් මෙය ඉතාමත් අන්තරාකාරි පියවරක් මෙන්ම, කලාපීය සාමය හා අරක්ෂාවට බාධාවක් බවද අවධාරණය කර තිබෙනවා. උතුරු කොරියාවේ දුම්රියක් මත සිට බැලැස්ටික් මිසයිල නිකුත් කිරීම යුදමය ක්‍ෂේත්‍රයේ සිදුවූ නව තාක්‍ෂණික ක්‍රමයක් බව, විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

    මෙම ක්‍රමය මගින් විශාල බරකින් යුත් මිසයිලයක්, නිෂ්පාදනය කර්මාන්ත ශාලාවේ සිට පහසුවෙන් රැගෙන යාමට හා දුම්රියක සිට එල්ලකිරීමට හැකිවීම බිහිසුණු විනාශයකට අවශ්‍ය තාක්ෂණික කවුළු විවෘත කිරීමක් ලෙසයි මෙය සැලකෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 18 සැප්තැම්බර් 2021 12:02

    Latest News