මිහිමත විශාලතම ගස, බේරා ගැනීමට දැඩි උත්සාහයක්...

සැප් 17, 2021

    මිහි මත ඇති විශාලතම සහ පැරණිතම ගස ගින්නෙන් බේරා ගැනීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරතව සිටිනවා.

    එම ගස ඇතුළු තවත් ගස් රැසක මුල්,  ගිනි නොගන්නා රෙදිවලින් ආවරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.  අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ "සිකෝයා" ජාතික වනෝද්‍යානය ප්‍රසිද්ධියට පත්ව අත්තේ එහි ඇති ලොව විශාලතම හා පැරණිතම රෙඩ් වුඩ් ගස් හේතුවෙනි. ඒ අතරින් ජෙනරාල් සර්මන් ලෙස නම් කර ඇති ගස සැලකෙන්නේ ධාරිතාවෙන් ලොව විශාලතම සහ පැරණිතම ගස ලෙසිනි.

    ජෙනරල් සර්මන් ගසේ උස අඩි 275 ක්. වයස අවුරුදු 2,200 ඉක්මවන බවයි විද්‍යාත්මක පරික්ෂණවලින් තහවුරු වී ඇත්තේ. සතියකට අධික කාලයක සිට ටෙකෝසා ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයේ, දරුණු ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 350 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ලෝකයටම සම්පතක් වන ඉපැරණි මහා වනස්පති වෘක්ෂයන් ආරක්ෂා කරගැනීමය.

    සඳහා ගස්වල මුල් කොටස් ගිනි නොගන්නා විශේෂ ඇලුමිනියම් රෙදි වලින් ආවරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වර්ගයේ ගස් සාමාන්‍යයෙන් ගින්නට ඔරොත්තු දෙන බවයි උද්භිද විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත්, ඒවා ආරක්ෂා කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇතැයි කැලිෆෝනියා බලධාරින් ප්‍රකාශ කරන්නේ. ගෙවිය ගිය වසරක කාලය තුළ අධික උණුසුම් දේශගුණික තත්වය නිසා කැලිෆෝනියා ලැව්ගිනි 7,400 ක් හටගත් අතර වනාන්තර හා ගම්බිම් අක්කර 2,000,000 ක් දැවී විනාශයට පත්වුණා.

    Latest News