ලබන 21 බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීම සැකයි; අගමැති බොරිස්

ජූනි 13, 2021

    යෝජිත පරිදි ලබන 21 බ්‍රිතාන්‍යය යළි විවෘත කිරීම සැක සහිත බව, අගමැති බොරිස් ජොන්සන් පවසයි.

    ඉන්දීය "ඩෙල්ටා" වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඊට හේතුවයි. ජී-7 රාජ්‍ය නායක සමුළුවෙන් පසුව අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේදී කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ පවතින අඟුලු දැමීමේ තත්වය අවසන් කිරීම පිළිබඳවයි.

    බ්‍රිතාන්‍ය තුළ අලුතින් "ඩෙල්ටා" වෛරස් ආසාදනයට ලක්වූ කොරෝනා රෝගීන් 7,700කට අධික පිරිසක් මේ වනවිට වාර්තාවේ.

    ගත වූ සතිය තුළ එම සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් ඇති අතර, ගෙවී ගිය දින 28 තුළ "ඩෙල්ටා" ප්‍රභේදය ආසාදිතව 12ක් මියගොස් ඇති බව වාර්තාවේ.

    Latest News