ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතියට දැඩි විවේචන

ජූනි 13, 2021

    කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය ඇතුළු එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව දැඩි විවේචන එල්ල විය.

    මේ තත්වය මත එරට රජය සෞඛ්‍ය අංශයට අදාල බදු අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. කොවිඩ් ආසාදිතයින් සඳහා අවශ්‍ය ඔක්සිජන් ටැංකි, අත් මේස්, රෝග විනිශ්චය කට්ටල හා ප්‍රති වෛරස් ඖෂධවල ද, ගිලන් රථ සඳහා ද බදු මුදල් අවම කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

    ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්ති්ය සහිත රටවල් අතරින් දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ ඉන්දියාවටයි.  ගත වූ පැය 24 තුළ එරට කොරෝනා ආසාදිතයින් 81,005ක් වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,310ක්.

    Last modified on ඉරිදා, 13 ජූනි 2021 15:49

    Latest News