කෂෝගි පරීක්ෂණවලදී තුර්කිය සීමාකළේ සෞදිය; UN හෙළිකරයි

පෙබ 08, 2019

    මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතන පරීක්ෂණ සඳහා තුර්කියේ මැදිහත්වීම, සෞදි අරාබිය විසින් සීමා කර ඇති බව, එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාඩිගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණක් සිදු කෙරේ. කෂෝගී ඝාතනය සම්බන්ධ මූලික විමර්ශන වාර්තාව මේ වනවිට නිකුත් කර ඇත. ඒ පිළිබඳව සිදුකරන විමර්ශන සඳහා තුර්කියේ මැදිහත්වීම සෞදි අරාබිය හෙළා දකින බව, එමගින් අනාවරණය වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා පසුගිය ජනවාරි  28 වැනි දින සිට පෙබරවාරි මස 03 වැනි දින දක්වා තුර්කියේ චාරිකාවක නිරත විය. ඒ ඝාතනය පිළිබඳ විමර්ශන සඳහාය. ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය 11 දෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීම, විමර්ශනයන් හී විනිවිධභාවය හා සාධාරණත්වය පිළිබඳ ගැටලු මතු කරවන්නක් බවට ද එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා චෝදනා කර තිබේ.

    සෞදි අරාබියෙන් පළාගොස් අමෙරිකාවේ ජීවත් වූ කෂෝගී, ඝාතනය කෙරුණු බවට, විශ්වාස කෙරෙන්නේ ඉකුත් වසරේ ඔක්තෝබර් 2 වැනි දිනයි. ඒ ඔහු තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේ තිබූ ලේඛන කිහිපයක් ලබාගැනී‍මට ගොස් සිටියදීය. ඒ ඔහුගේ විවාහය සඳහායි. 

     

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 12:03

    Latest News